දහම් පාසල් දරුවන්ට විශේෂ දැනුවත් කිරිමක් මෙන්න...
කල් දැමුණු දහම් පාසල් ශ්‍රේණි විභාගය 24 වන ඉරු දින පැවැත්වීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව තීරණයකර තිබේ .
බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළේ , ඒ සම්බන්ධයෙන් සියලු ශාසනාරක්ෂක බලමණ්ඩල දැනුවත් කර ඇති බවය.
පසුගිය අප්‍රේල් මස 03 වන දින දහම් පාසල් ශ්‍රේණි විභාගය පැවැත්වීමට නියමිතව තිබු අතර ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් එය කල්දමනු ලැබීය.
මේ අතර රජයේ සහ රජයේ අනුමත සියලු පාසල්වල තෙවන වාරයේ පාසල් නිවාඩුව ඊයේ (06) දිනයේ සිට ලබා දෙනු ලැබීය.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ , නැවත පළමු වාරය සඳහා පාසල් ආරම්භය අප්‍රේල් මස 18 වන දින සිදුකරන බවය.
තෙවන පාසල් වාරය සඳහා පාසල් නිවාඩුව හෙට (08) දිනයේ සිට ලබා දීමට මීට පෙර සැලසුම් කර තිබුණ ද පවතින විදුලි කප්පාදුව සහ ප්‍රවාහන ගැටලුව හමුවේ එය ඊයේ දිනයේ සිට ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |