වසර ගණනාවක් ඇදෙන ඉන්දු - ලංකා ධීවර අර්බුදය විසඳන්න රජයෙන් දැඩි පියවරක්
ඉන්දීය සහ ශ්‍රී ලාංකික ධීවරයන් අතර දීර්ඝ කාලයක සිට පවතින ධීවර ගැටලුවට ස්ථිර විසඳුමක් සෙවීම සඳහා දෙරටේ ඉහළ පෙළේ නිලධාරීන් අතර සාකච්ඡාවක් 2027 ජනවාරි 22 වැනිදා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිත බව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසයි.
ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවේ රැස්වීමක් ලෙස පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී තමිල්නාඩු ධීවරයන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම, තහනම් බොටම් ට්‍රෝලිං ධීවර ක්‍රමය භාවිත කිරීම සහ එමඟින් ශ්‍රී ලාංකික ධීවරයන්ගේ ජීවනෝපායට හා සාගර සම්පත්වලට සිදුවන හානිය පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වන අතර, නාවික හමුදාව, පොලිසිය, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන රැසක නියෝජිතයෝ ද ඊට එක්වීමට නියමිතය.
ධීවර ජනතාවගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීම සහ සාගර සම්පත් ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම ගැටලුවට සාධාරණ හා තිරසාර විසඳුමක් ලබාගැනීමට රජය කැපවී සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.