අධීවේගයේ ගිය දඹ රන් තලගොයා...(VIDEO)
Gagana news
Copper Gold Thalagoya
By Subodha
නිධානයකින් ලබා ගත් බවට සැක කෙරෙන දඹ රනින් නිමකළ තලගොයෙකුගේ ප්‍රතිමාවක්, නිල් මැණික් 3ක් සහ රුබී මැණිකක් සමග සැකකරුවන් දෙදෙනෙක් කළුතර කොට්ඨාස දුෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අතර හිටපු යුද හමුදා සෙබලෙකු ද සිටින අතර දඹ රනින් නිමකල තලගොයි ප්‍රතිමාව කිලෝග්‍රෑම් 8ක් පමණ වන අතර, එය රුපියල් කෝටි 02 ක පමණ වටිනාකමකින් යුක්ත බවයි පොලිසිය සඳහන් කළේ.
උපාය දූතයෙකු යොදවා මෙම සැකකරුවන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දියගම උමං මාර්ගය අසල දී අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් අද (22) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
දර්ශන අයිතිය - හිරු නිවුස්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |