අවුරුදු සමය වෙනුවෙන් ජනතාවට සහල් සඳහා ලබා දෙන සහනය...
Mahindananda Aluthgamage
Gagana news
Minister of Agriculture
control price for rice
By Subodha
සහල් සඳහා පාලන මිලක් පැනවීමට කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ඒ අනුව අවුරුදු සමය වන විට සහල් අඩු මිලට ලබා දෙන බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා නාඩු සහල් රුපියල් 140කට ලබාදීමට හැකිවනු ඇතැයි ද සඳහන් කළේය.
රජය සතු සහල් තොග වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසූයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අද පැවැති මාධ්‍ය හමුවකදීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |