බැංකු යන්නේ බලාගෙනයි...! ප්‍රධාන බැංකුවක කළමණාතරුවෙකු ඇතුළු පිරිසකට මාස ගණනක් තිස්සේ සිදුකල දෙයින් වැඩ වරදී...

Police Colombo Gagana news Bank Manager
By Subodha Mar 22, 2022 08:17 AM GMT
Report

මෙරට ප්‍රධාන පෙලේ පෞද්ගලික බැංකුවක ගිණුම් හිමියන් 76 දෙනකුගේ ගිණුම්වලින් රුපියල් කෝටි 15ට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියකට අදාළව එම බැංකුවේ සේවය කළ කළමනාකරුවකු සහ ඔහුත් සමඟ මෙම වංචාවට හවුල් වූ සංවිධානාත්මක මූල්‍ය අපරාධ කරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි ප්‍රධාන පෙලේ පෞද්ගලික බැංකුවක ප්‍රධාන ශාඛාවේ ප්‍රාදේශීය කළමනාකරුවකු ලෙස සේවය කළ නීල් ක්‍රිස්ටෝපර් සොයිසා හා සංවිධානාත්මක මූල්‍ය අපරාධකරුවෙකු වන තිකරත්නම් රවිචන්ද්‍රන් හෙවත් “සෙල්ටෙල් රවී” යන දෙදෙනායි.

මේ දෙදෙනා එක් ව එම බැංකුවේ ප්‍රධාන ගිණුම් හිමි ව්‍යාපාරිකයින් තිදෙනකුගේ මුදල් ද වංචා සහගත ලෙස ලබාගෙන ඇති බව මෙතෙක් කරන ලද විමර්ශනවල දී හෙළි වී තිබෙනවා.

මෙලෙස මාස හයකට ආසන්න කාලයක් අදාල කළමනාකරු සහ සෙල්ටෙල් රවී යන දෙදෙනා එක් ව වරින් වර ගිණුම් හිමියන් ගේ මුදල් වංචා සහගත ලෙස ලබාගෙන ඇති බවයි මෙතෙක් කරන ලද හරි පරීක්ෂණ අනුව හෙළි වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් මේ පුද්ගලයින් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු ලබන 31 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.  

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න
join now