සර්ව පාක්ෂික සමුළුව ආරම්භයි...

President Gagana news All Party Conference
By Subodha Mar 23, 2022 05:29 AM GMT
Report

සර්ව පාක්ෂික සමුළුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා .

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණදෙන අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන සර්ව පාක්ෂික සමුළුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වේ.

මේ වන විට මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ආර්ථිකය සම්බන්ධයෙන් කරුණු දක්වමින් සිටිනවා.

සර්ව පාක්ෂික සමුළුව සඳහා ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය එක් නොවන අතර ජාතික ජන බලවේගයද සහභාගි නොවීමට තීරණය කර තිබෙනවා

එමෙන්ම ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ සහ ලංකා කම්කරු කොංග්‍රසය සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවීමට තීරණය කර ඇති බව සඳහන්

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රනිල් වික්‍රමසිංහ මහතාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුත් ඊට සහභාගී වි ඇති බවයි වාර්තා වන්නේ

දෙමළ ජාතික සන්ධානය මෙම සර්ව පාක්ෂික සමුළුවට සහභාගීවිමට තීරණය කර තිබීම විශේෂත්වයක් වනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now