සර්ව පාක්ෂික සමුළුව 23 කැඳවන ලකුණු...
All Party Conference
Mahinda Amaraweera - Minister of Environment
Gagana sinhala politics news
By Subodha
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස කළ ඉල්ලීම පරිදි මෙම මස 23 දින සර්ව පාක්ෂික සමූළුවක් කැඳවීමට ජනාධිපතිතුමා තීරණය කර තිබෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (09) පරිසර අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනුයි.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් වත්මන් රටේ ගැටළුවලට විසඳුම් ලබා දීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් පවත්වන ලෙස ඉල්ලීමක් කළා.
එම ඉල්ලීම පරිදි අප රටේ සියලු පක්ෂවලින් සමන්විත සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.
එම සර්වපාක්ෂික සමුළුව මෙම මස 23 දින පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අපිට දැනගන්නට ලැබුනා.” යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |