තොග ප්‍රවාහන කටයුතු ඇන හිටි...
Gagana news
Freight
By Subodha
විශාල භාණ්ඩ තොග ප්‍රවාහනය සඳහා යොදා ගනු ලබන කන්ටේනර් රථවලට ප්‍රමුඛතාවය මත ඩීසල් ලබා නොදීමෙන් මේ වන විට එම ප්‍රවාහන කටයුතු බිඳ වැටී ඇති බව අනාවරණය වේ.
මෙම තොරතුරු එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල විසින් මාධ්‍යයට හෙළිකර ඇත.
රටපුරා කන්ටේනර් රථ 6000කට ආසන්න සංඛ්‍යාවක් පවත්වාගෙන ගියද මේ වන විට ධාවනය කරන්නේ 2000කටත් අඩු ප්‍රමාණයක් බව ඔහු මෙහිදී හෙළිකර තිබේ.
මේ නිසා ඖෂධ, ආහාර ද්‍රව්‍ය ඇතුළු එදිනෙදා ජන ජීවිතයට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ප්‍රවාහනය විශාල වශයෙන් බිඳ වැටී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |