"දැන් නාමල් අපේ රැළිය අවසානයේ තිබුන කුනු අදිනවා කියලා 2018 කුණු ඇදපු පින්තුරු සමාජ මාධ්‍යය ඔස්සේ පළ කරනවා..." මනුෂ නානායක්කාරගෙන් සැර ප්‍රකාශයක්...
කොළඹදී ආරම්භ කළ ආණ්ඩු විරෝධී සටන ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවන තෙක් ඉදිරියට මෙහෙයවන බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා කොළඹදී අද (16) ප්‍රකාශ කළේය.
ගොවියා, ධීවරයා, රාජ්‍ය සේවකයා, වෘත්තිකයා ඇතුලු රටේ මහජනතාව ජනාධිපති ලේක්ම් කාර්්‍යාලයට ගොස් නැගූ අදෝනාව තේරුම් ගෙන හෝ ජනතාවට සහනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා කීවේය.
ජනතාව මුහුන දෙන වයසනයට විසදුම් ඉදිරිපත් කළ නොහැකි ආණ්ඩුවට ඉල්ලා අස්වී රට කළ හැකි කණ්ඩාහමකට බාර දිම හැර වෙනත් විකල්පයක් නැතැයිද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. “දැන් මේ ආණ්ඩුවට විශාල ජනතා විරෝදයක් එල්ල වෙලා තියෙනවා.
ජනතාව තමන් මුහුන දෙන පීඩාව ඊයේ ජනාදිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට ගොස් පිට කලා.
ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අපිත් එක්ක මේ සඳහා එක්වූණා. අපේ මේ විරෝධතාවයත් එක්ක ආණ්ඩුවේ ප්‍රධානින් දැන් කලබල වෙලා.
දැන් අපේ රැළියට එරෙහිව පොහොට්ටුවේ මඩ බලකාය වැඩ පටන් ගෙන තිබෙනවා. දැන් නාමල් රාජපක්ෂලා අපේ රැළිය අවසානයේ තිබුන කුනු අදිනවා කියලා 2018 කුණු ඇදපු පින්තුරු සමාජ මාධ්‍යය ඔස්සේ පළ කරමින් සිටිනවා.
අද ආන්ඩුව මේ තරම් බංකොලොත් තත්වයට පත්ව තිබීම ගැන අප කණගාටු වෙනවා.
ඇතැම් බංකොළාත් මාධ්‍ය රැළිය සංවිධානය කරන අවස්ථා ප්‍රදර්ශණය කරනවා අපි දැක්කා. මාධය සංදර්ශණ වලින් තවදුරටත් මේ ජනතාවගේ ආදා්නාව යටපත් කළ නොහැකියි.
අපිත් එක්ක ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආණ්ඩුවට එරෙහි මේ විරෝදතාවයට එක්ව සිටියා. එය බොරුවෙන් යටපත් කරන්න පොහොට්ටු මඩ බලකායට බැහැ. විරෝධතාව අවසන් වී පැය 24 ක් ගියත් රටේ ජනතාව මුහුන දෙන ගැටලු කිසිවකටත් විසදුම් දෙන්න ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා.
මේ ආණ්ඩුවට එරෙහිව ඇති ජනතා විරෝධය හයිජැක් කරන්න අපි ඉඩ දෙන්නේ නෑ. - ආන්ඩුවට එරෙහිව ආරම්භ කළ විරෝධය ඉදිරියට ගෙන ගොස් සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවීමට අප කටයුතු කරනවා. අද වනවිට තත්ත්වය තවත් බැරූරුම් වි තිබෙනවා.
මේ වනවිට පෙට්‍රල් ටිකක් ඩීසල් ටිකක් හොයාගන්න නැහැ. ගෑස් බෙදාහැරීම සම්පූර්ණයෙන්ම ඇන හිට තිබෙනවා. තවදුරටත් ජනතාව පීඩාවට පත්කිරීමට අපට ඉඩ දෙන්න බැහැ. අපි කොළමින් ආරම්භ කළ විරෝදතා දිවයින පුරා වයාප්ත කරලා මේ ආණ්ඩුව ගෙදර යැවීමට කටයුතු කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |