ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය සම්බන්ධයෙන් චීනයෙන් විශේෂ නිවේදනයක්

Sri Lanka Economic Crisis Sri Lanka Sri Lankan political crisis Financial crisis
By Sewvandhi May 21, 2022 12:49 PM GMT
Report

ශ්‍රී ලංකාව විසින් චීනයට ගෙවීමට ඇති ණය සම්බන්ධයෙන් චීනය විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.ඒ ණය සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලබාගැනීමට සහ අවශ්‍ය උපදේශන පැවත්වීමට අදාළවය.

ඒ සඳහා මූල්‍ය ආයතනවලට චීනය සහාය දක්වන බව එරට විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වැන්ග් වෙන්බින් මහතා පවසා තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ ණය බර ලිහිල් කිරීමට සහ තිරසාර සංවර්ධනයක් ළඟා කරගැනීම සඳහා ධනාත්මක කාර්යභාරයක් ඉටුකිරීමට චීනය අඛණ්ඩව කටයුතු කරන බවද වැන්ග් වෙන්බින් මහතා පවසා ඇත

.  එමෙන්ම ශ්‍රී ලංකාව විසින් විදේශ ආයෝජන සහ මූල්‍ය හවුල්කරුවන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා තහවුරු කිරීමට හා එම ආයෝජන සහ මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගැනීමට විශ්වසනීය හා ස්වාධීන උත්සාහයන් ගනු ඇති බවට චීනය බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

  මේ අතර ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව සහ ලෝක බැංකුව විසින් මෙරට ආර්ථික අර්බුදය සම්බන්ධයෙන්ද ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ. 

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම ආයතනයන තුන පසුගිය 19 වනදා රැස්වී ඇති අතර ශ්‍රී ලංකාවේ දෛනික ජන ජීවිතයට ආර්ථික අර්බුදයෙන් එල්ලවන බලපෑම් අවමකිරීම සඳහා එහිදී සාකච්ඡා කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now