කන්න ගත්ත, බයිට් පැකට් එක ඇතුළෙන් හමු වුණ අමුතුම බයිට් එක - දෙයක් කන්න කලින් හොඳට බලන්න..
බයිට් පැකට් එකක් තුළ විශාල කටුස්සෙකු රෝස් වී සිටිය දී ඊයේ (25) පාරිභෝගිකයෙකුට හමු වී තිබෙනවා.

ඒ යාපනයේ පේදුරුතුඩුව සෙල්වචන්නිධි කෝවිලේ මංගල්ලය පැවැත්වෙන සමයේ ඉදි කළ තාවකාලික වෙළද සැලකින් ය.
වහාම එම පාරිභෝගිකයා අදාල බයිට් පැකැට් එක පේදුරුතුඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය වෙත රැගෙන ගොස් තිබෙනවා.
පසුව නිලධාරීන් පිරිසක් පැමිණ වෙළද සැල අයිතිකරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇත.
තාවකාලික වෙළද සැල වහාම කෝවිල් භූමියෙන් ඉවත් කොට ඇති අතර අලෙවි කිරීමට තිබූ සෙසු සියලුම බයිට් පැකැට්ද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
එම අලෙවි සැල පවත්වා ගෙන ගිය පුද්ගලයාගෙන් ලබා ගත් තොරතුරු මත එම බයිට් පැකැට් නිෂ්පාදනය කරන යාපනයේ පිහිටි ස්ථානය ද සොයා ගෙන ඇත.
බයිට් පැකැට් නිපදවන ලද පුද්ගලයාගේ කඩ කාමරයට සීල් තැබීමට ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවර ගෙන ඇත.
කෙසේ වෙතත්, මේ සියලුම දෙනාට එරෙහිව යාපනය අධිකරනයේ නඩුවක් ගොණු කොට ඇත.
ඒ හේතුවෙන් මේ මස 28 වෙනිදා යාපනය අධිකරණය වෙත පැමිණෙන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් දැනුම් දී තිබෙනවා.
 
                 
                 
                                             
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    