වැඩේ ලේසි වෙන්නෙ නෑ.. ශ්‍රී ලංකා පිතිකරුවන්ට රතු එළියක් මෙන්න..

Cricket Sri Lanka Cricket Latest Headlines Decision Making
By krishani 8 months ago
Report

ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිලිණ කණ්ඩම්බි අදහස් දක්වමින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

වැඩේ ලේසි වෙන්නෙ නෑ.. ශ්‍රී ලංකා පිතිකරුවන්ට රතු එළියක් මෙන්න.. | Sri Lankan Batsmen

ඒ ශ්‍රී ලංකා පිතිකරුවන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට බලාපොරොත්තු වන බවයි.

මේ බව ඔහු සඳහන් කළේ අතිශය දුර්වල පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකා පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව හමුවේ තවත් අමිහිරි තරගාවලි පරාජයක් ලැබීමෙන් අනතුරුවය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"පිතිකරුවන් වශයෙන් මීට වඩා වගකීම් සහගත වෙන්න ඕනේ කියන එක තැන මම අනිවාර්යෙන්ම සිටිනවා. මොකද අපිට ඕනේ තරම් පුහුණ කරන්න පුළුවන්, පුහුණුවීම්වල යෙදෙන්න පුළුවන්, අපිට තොරතුරු දෙන්න පුළුවන් හැබැයි මැදට ගියාම ඊට වඩා ටිකක් ඔළුව කල්පනා කරලා සෙල්ලම් කරන්න ඕනේ. මොකද මේක පළවෙනි වතාව නෙමෙයි. අපිට ලෝක කුසලනයේ බංග්ලාදේශ තරගයේදීත් මේක වුණා. අපි ඒක ගැන කථා කරලා ඒකට සොලියුෂනුත් ඒ අයගෙන් ඇග්‍ර්ඩ් ප්ලෑන් එකට තමයි වැඩ කරන්නේ. හැබැයි ඒ රිසාල්ට් එක එන්නේ නැහැ. මම හිතනවා ටිකක් තද තීරණ ගන්න වෙයි ඉදිරියේ දී."