ගුවන්තොටුපලේ ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට

Sri Lanka India
By Sewvandhi Apr 15, 2023 10:33 AM GMT
Report

මුම්බායි පොලීසිය විසින් ගුවන් යානා අවසර පත්‍රය හුවමාරු කර ගැනීමේ චෝදනාව මත ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු දෙදෙනෙකු ඉන්දීය ජාත්‍යන්තර ගුවන්තොටුපලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය වාර්තා සඳහන් කළේ, ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් සංචාරය කළ ශ්‍රී ලාංකිකයෙකු සහ ජර්මනියේ සිට ගමන්ගත් අයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. 

 ඔවුන් ඉන්දියාවේ මුම්බායි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වැසිකිලියක දී ලන්ඩනයට සහ කත්මන්ඩු බලා යාමට සිය අවසර පත්‍ර හුවමාරු කරගෙන ඇති බව විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

ශ්‍රී ලාංකිකයාගේ විදේශ ගමන්බලපත්‍රයේ පිටවීමේ මුද්‍රාව ව්‍යාජ ලෙස සකස් කර ඇති බව ගුවන් සේවා සමාගමේ නිලධාරියෙකු විසින් හඳුනාගෙන ඇති අතර, වැඩිදුර විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ ඔහුගේ අවසර පත්‍රයේ මුද්දර අංකය ද ව්‍යාජ එකක් බවටයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now