මෙරට තරුණ තරුණියන්ට මෙන්න විශේෂ අවස්ථාවක්...

Sri Lanka
By Aruna Jun 26, 2022 01:55 AM GMT
Report

තරුණ තරුණියන් දහසකට තරුණ සේවා සභාව යටතේ නොමිලයේ වෘත්තීය පුහුණුව ලබාගැනීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව වයස අවුරුදු 21 ට වැඩි තරුණ තරුණියන්ට වඩු වැඩ, මේසන් වැඩ, පරිගණක තාක්‍ෂණය, රූපලාවන්‍ය ඇතුළු පාඨමාලා හැදෑරීම සඳහා රුපියල් 50,000 ක වටිනාකමින් ශිෂ්‍යත්ව ලබාදීමට පියවර ගන්නා බව යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

මේ සඳහා මූල්‍ය පහසුකම් ලංකා දුම්කොළ සමාගම මගින් ලබාදීමට එකඟතාවය පළකර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now