තරුණ තරුණියන් 04 දෙනෙකු ලංකාව ලොකයෙන්ම හොල්ලයි.(VIDEO)

Sri Lanka Institute of Information Technology Sri Lanka
By Aruna Jun 11, 2022 11:04 PM GMT
Report

රටක අනාගතය තීරණය වන ප්‍රධාන සාධකයක් වන්නේ කුසලතාවයෙන් පිරුණු මානව සම්පතයි.

එවැනි මානව සම්පත් බහුලව තිබෙන රටකට පැමිණිමට අයෝජකයින් ද මැලිවන්නේ නැහැ.

මෙරට තොරතුරු තාක්ෂණයේ කුසලතා විදහා පෙන්වූ තරුණ පිරිසක් පසුගිය දා ලොව හමුවේ ඔප්පු කළේ ශ්‍රී ලංකාවේ කුසලතා සපිරි මානව සම්පත පිළිබඳවයි.

මේ විශේෂ සටහන අපේ රට ලොව හමුවේ බැබළවූ ඒ නැණ ශිල්ප කණ්ඩායම පිළිබඳවයි. IMAGINE CUP තරගාවලිය යනු මයික්‍රොසොෆ්ට් සමාගම මෘදුකාංග සංවර්ධනය වෙනුවෙන් ශිෂ්‍යයන් ඉලක්ක කර ගනිමින් වාර්ෂිකව සංවිධානය කරන තරගාවලියක්.

ශ්‍රි ලංකාව නියෝජනය කළ නැණ ශිල්ප කණ්ඩායම එහිදී රටවල් 160ක් අබිබවා යමින් අනුශූරයන් බවට පත්වුණා.

පෘථිවිය, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ජීවන රටාව යන තරග කාණ්ඩ අතුරින් සෞඛ්‍ය කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා නැණ ශිල්ප කණ්ඩායම ඉදිරිපත් කර තිබුණේ නැණ ශිල්ප යන ජංගම දුරකථන යෙදවුමයි.

මාලඹේ පිහිටි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් SLIIT හි අධ්‍යාපනය ලැබූ මේ සිව් දෙනාට අමෙරිකාවේ සියැටල් හි පැවති මයික්‍රො සොෆ්ට් IMAGINE CUP අවසාන තරගාවලියේදී සෞදි අරාබි සහ ජර්මානු කණ්ඩායම්වලින් එල්ල වී තිබුණේ ප්‍රබල අභියෝගයක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now