ශ්රී ලංකා කණ්ඩායමට සුපිරි ජයක් - අද තරගයේ සිදු වූ දේ..
අද (07) ශ්රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.
එනම් කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පළමුව පිතිකරණයට ආරාධනා කලා.
පළමුව පන්දුවට පහර දුන් කොදෙවුවන් පන්දුවාර 48.1ක දී සියලු දෙනා දැවී ලකුණු 243ක් ලබා ගැනීමට සමත් විය.
පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ ලකුණු ලකුණු 34කට කඩුලු හතරක් දවා ගැනීමට සමත් වූ අතර, දිල්ශාන් මධුසංක, දසුන් ශානක, මතීෂ පතිරණ හා සහන් ආරච්චිගේ එක් කඩුල්ල බැගින් ලබා ගැනීමට සමත් විය.
තම මංගල එක්දින තරගය ක්රීඩා කළ දුෂාන් හේමන්ත ශ්රී ලංකාව වෙනුවෙන් කඩුලු දෙකක් ලබා ගත්තේ ය.
පිළිතුරු ඉනිම සඳහා පැතුම් නිස්සංක සහ දිමුත් කරුණාරත්න පිටියට පිවිසි අතර, ඔවුන් දෙදෙනාගේ අතිවිශිෂ්ට අරම්භක සබඳතාව පළමු කඩුල්ල සඳහා ලකුණු 192ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට තරම් ශක්තිමත් එකක් විය.
පැතුම් නිස්සංක හතරේ පහර 14ක් සමඟ අගනා ශතකයක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ සඳහා ඔහු වැය කළේ පන්දු 113කි.
පැතුම්ගේ දැවී යාමෙන් පසු දිමුත් කරුණාරත්නට ද වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට නො හැකි වූ අතර, ඔහු වටිනා ලකුණු 83ක් ලබා සිටිය දී දැවී ගියේ ය.