ලංකාවට පාකිස්තානයෙන් දුන් ප්රභල පිළිතුර
ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවැනි දිනය සඳහා නතර කරන විට පාකිස්තාන කණ්ඩායම හොද ලකුණු ප්රමාණයක් රැස් කර ගත්තා.
ගාල්ලේදී පැවැත්වෙන, ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අවසානයේදී වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමඟ අද දිනට තරගය නිමා කිරීමට තීරණය කර තිබේ.
ශ්රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ සිය පළමු ඉනිම ක්රීඩා කරමින් සිටින පාකිස්තාන කණ්ඩායම අද දිනයට තරගය නිමා කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 221ක් රැස්කර ගෙන සිටී.
නොදැවී පන්දුවට පහරදෙමින් සිටින Agha Salman 61ක් සහ Saud Shakeel 69ක් රැස්කරගෙන සිටී.
පන්දු යැවීමේ ප්රභාත් ජයසූරිය කඩුලු 3ක් සහ කසුන් රාජිත, සහ රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ල බැගින් දවාගත්හ.
ශ්රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු ක්රීඩකයින් දැවී ලකුණු 312ක් ලබා ගැනීමට සමත් විය.