නවසීලන්ත කණ්ඩායමට ලංකාවේ අවසන් බලාපොරොත්තුවෙන් ලැබුණු ඉලක්ක - අද තරගයට සිදුවූ දේ..

Cricket Sri Lanka Cricket Sri Lanka New Zealand Cricket Team
By Sewvandhi Nov 09, 2023 12:37 PM GMT
Report

නවසීලන්ත කණ්ඩායමට එරෙහිව දැන් පැවැත්වෙන තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 4කදී සියලුදෙනා දැවී ලකුණු 171ක් රැස්කරගත්තේය.

පිතිකරු කුසල් ජනිත් පෙරේරා හයේ පහර 2ක් සහ හතරේ පහර 9ක් සමග වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 28කදී ලකුණු 51ක් රැස්කරගත්තේය.ලංකාව වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකරු කුසල් ජනිත් පෙරේරාය.

එමෙන්ම ආරක්ෂාකාරී ඉනිමක් ගොඩනගමින් පන්දු 91කට මුහුණදෙමින් හතරේ පහර 3ක් සමග මහීෂ් තීක්ෂණ ලකුණු 39ක් රැස්කරගත්තේය.

සෙසු කිසිදු ශ්‍රී ලාංකික පිතිකරුවෙකු අද සාර්ථක වූයේ නැත. අගනා පන්දු යැවීමක නිරත වූ Trent Boult ලකුණු 37කට කඩුලු 3ක් දවාගත්තේය. Lockie Ferguson, Mitchell Santner සහ Rachin Ravindra කඩුලු දෙක බැගින් දවාගත්තේය.