තවත් ක්‍රීඩකයෙක් වහාම ඉන්දීය තරගාවලියෙන් ඉවත් කරයි..
Cricket
Sri Lanka Cricket
Indian Cricket Team
By Sewvandhi
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර ඊයේ (24) රාත්‍රියේ පුහුණුවීම් අතරතුර පන්දු රැකීමේ දී ඇඟිල්ලක් ආබාධයකට ලක්වීම හේතුවෙන් ඉන්දීය තරගාවලියෙන් ඉවත් කර තිබේ.
ඔහුගේ ඇඟිල්ලේ අස්ථී බිඳීමක් සිදුව ඇති බවයි, නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත්තේ.
ඒ හේතුවෙන් නුවන් තුෂාර වෙනුවට ඩිල්ෂාන් මධුශංක සංචිතයට එක්වෙයි.
මේ අතර ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ට ඉන්දියාව සමග පැවැත්වෙන තරගාවලිය අහිමි වුණි.
ඒ ඔහුත් ආබාධයකට ලක්වීම හේතුවෙනි.
එක්දින තරග 3කට සහ 20යි විස්ස තරග 3කට සහභාගී වීම සඳහා ඉන්දීය කණ්ඩායම මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.