භාරතයන් පරාජය කල තරග සැලසුම මහීෂ් තීක්ෂණ හෙළිකරයි

Sri Lanka Cricket Sri Lanka
By Sithumi Jan 06, 2023 05:57 PM GMT
Report

ඊයේ ( 5) දිනයේදී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන 20යි 20 තරගයෙන් ලකුණු 16ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරග 3කින් සමන්විත 20යි 20 තරගාවලියේදී කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන තිබෙන අතර ,ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේදී 20යි 20 තරගයක් ජයගත්තේ වසර 7කට පසුව වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් භාගයේදී ඉන්දීය පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කළ දසුන් ශානක පන්දු 22කදී හයේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 56ක් රැස්කළේය.

දසුන් සිය අර්ධ ශතකය පන්දු 20කදී රැස්කළ අතර එය වාර්තා අතරට එක්වූයේ ජාත්‍යන්තර 20යි 20 තරගයකදී ශ්‍රී ලංකා පිතිකරුවෙක් රැස්කළ වේගවත්ම අර්ධ ශතකය ලෙසය. එමෙන්ම ජාත්‍යන්තර 20යි 20 තරගවල අවසන් පන්දුවාර 5 තුළ අවස්ථා දෙකකදී අර්ධ ශතක රැස් කරගත් ලොව එකම ක්‍රීඩකයා ලෙසද දසුන් ඊයේ වාර්තා අතරට එක්වුණි.

දසුන් ඊයේ ඉනිමේදී එල්ල කළ හයේ පහර 6ත් සමගින් ඔහු ඉන්දියාවට එරෙහිව 20යි 20 තරගවලදී හයේ පහර 17ක් එල්ල කර ඇති අතර ඉන්දියාවට එරෙහිව පිතිකරුවෙක් රැස්කර ඇති වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාවද දසුන් ඊයේ සිය නම ඉදිරියේ සටහන් කර ගත්තේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 206ක් රැස් කරමිනි. එම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වූයේ පූනේ ක්‍රීඩාංගණයේ පැවති ජාත්‍යන්තර 20යි 20 තරගයකදී කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසය.

අවසන් පන්දුවාරයේදී ඉන්දියාව ජයග්‍රහණය සඳහා ලකුණු 21ක් රැස් කරගත යුතුවූ අතර ඊයේ දිනයේ පන්දු යැවූ නිත්‍ය පන්දු යවන්නන් පස්දෙනා අතරින් අවසානයේ පන්දුවාරයක් ඉතිරිව තිබුණේ වනිඳු හසරංගට පමණි. ව

නිඳු ඊයේ තරගයේ දැඩි ප්‍රහාරයට ලක්වී සිටීම හේතුවෙන් අවසන් පන්දුවාර යැවීමේ වගකීම නායක දසුන් ශානක භාර ගත්තේය. එම පන්දුවාරයට ලකුණු 4ක් පමණක් ලබාදෙමින් එතෙක් හොඳින් පන්දුවට පහරදෙමින් සිටි අක්ෂාර් පටෙල්ගේ සහ ශිවම් මාවිගේ කඩුළු දෙක දවාගත් දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය අත්කර දීමට සමත් විය.

පිත්තෙන් ලකුණු 56ක් සහ පන්දුවෙන් කඩුළු 2ක් දවාගත් නායක දසුන් ශානක තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තීරණාත්මක තුන්වන 20යි 20 තරගය හෙට (07) පැවැත්වීමට නියමිතය. ඉ

න්දියාවට එරෙහි 2වන T20 තරගය ජය ගැනීමෙන් පසු මහීෂ් තීක්ෂණ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සඳහන් කළේ, "දෙවනි මැච් එක දින්නත් පළමු තරගය පරාජයවීම ගැන අපි පසුතැවීමක ඉන්නේ. දෙවැනි තරගයේදී පන්දුයැවීමේදීත් අපි සැලසුමකට අනුව තමයි ගියේ. ඒ නිසා සාර්ථක වුණා