භානුක සහ ධනංජයට විශේෂ වන අද ශ්‍රී ලංකා ඉන්දියා සටන

Cricket Sri Lanka Cricket Indian Cricket Team
By Sewvandhi Jan 05, 2023 10:19 AM GMT
Report

අද ශ්‍රී ලංකා කණ්ඩයම හා ඉන්දියා කණඩායම අතර, දෙවන විස්සයි 20 තරගය පැවැත්වෙයි.තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ මුබ්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති පළමු 20-20 තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු දෙකක තියුණු ජයක් හිමිකර ගත්තේය.

ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ 1ට බින්දුවක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ සත්කාරක ඉන්දියාව වන අතර මෙම තරගාවලියේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් ශ්‍රී ලංකා පිල අද පැවැත්වෙන තරගය අනිවාර්යයෙන් ජය ගත යුතු වනවා.

එමෙන්ම භානුක රාජපක්ෂ සහ ධනංජය ද සිල්වාට අද තරගයේදී අවස්ථාවක් හිමිවන අතර එම අවස්ථාවෙන් ඔවුන් ප්‍රයෝජන ලබාගැනීමට සමත් නොවුනොත් ඊළඟ තරගයේදී අවිශ්ක ප්‍රනාන්දු සහ අශේන් බණ්ඩාර කැඳවන බවද වාර්තා විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස්,

"මුල්පෙළ පිතිකරණයේ පොඩි වැරදි වගයක් කළා. මීට වැඩිය සහයක් ලැබෙන්න තිබුණා. පසුපෙළ පිතිකරුවන්ගෙන් හොඳ සහයක් ලැබුණා. ඔවුන් හොඳ තරගයකට ගෙනාවා. පළමු තරගයේ සිදුවූ වැරදි හදාගෙන මීට වැඩිය හොඳ ගේම් එකක් ඉස්සරහට ගේන්න වෙනවා.. ඉන්දියාව වගේ කණ්ඩායමක් එක්ක සෙල්ලම් කරනකොට."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now