ශ්‍රී ලංකා ඉන්දියා තරගයේ ටිකට් ගැන විශේෂ දැනුම්දීමක්..

Cricket Sri Lanka Cricket Indian Cricket Team
By Sewvandhi Jul 27, 2024 08:13 AM GMT
Report

අද (27) ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු T20 තරගය පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙන්නේ,  එම තරගය සඳහා අදාළ ප්‍රවේශපත්‍ර විකිණී අවසන් බවයි.

එම නිසා තරගය සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම ට ක්‍රීඩාංගණයට හෝ ප්‍රවේශපත්‍ර කවුළු වෙත නොපැමිණෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී ඇත.

තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර තරගය නැරඹීම සඳහා අද පස්වරු 4 ට එහි දොරටු විවෘත කරන බව මහජනතාවට දන්වා තිබේ.