තීරණාත්මක තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Cricket Sri Lanka Cricket Sri Lanka Indian Cricket Team
By Sithumi Sep 06, 2022 02:05 PM GMT
Report

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තීරණාත්මක තරගය අද (06) ඩුබායි හිදී පැවැත්වෙයි. තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබාදීමටය.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජයගැනීමට සමත් වුවහොත් තරගාවලියේ අවසන් මහ තරගයේ සිය ස්ථානය තහවුරු කරගැනීමට වැඩි අවස්ථාවක් හිමිවෙයි.

ඉන්දියාව සුපිරි සිව්දෙනාගේ වටයේ සහභාගීවූ පළමු තරගයේදී ඔවුන්ගේ ප්‍රබලතම ප්‍රතිවාදීන් වන පාකිස්තානය හමුවේ අමිහිරි පරාජයක් ලැබීය. ඒ හේතුවෙන් ඉන්දියාවට තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා අද තරගයේ ජයග්‍රහණය ඉතා වැදගත් වනු ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now