එංගලන්ත කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් ලැබුණු අභියෝගය

Cricket Sri Lanka Cricket England Cricket Team
By Sewvandhi Nov 05, 2022 09:35 AM GMT
Report

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගනයේ පවතින ලොක කුසලාන 20/20 තරගාවලියේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා .

ඒ අනුව පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 141 රැස් කර ගත්තා.

පැතුම් නිස්සංක අර්ධ ශතකයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 67ක් එක් කළේය.

ඒ අනුව ජාත්‍යන්තර විස්සයි විස්ස ලකුණු 1000 සේ සීමාව පසුකර යාමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්විය.

විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 36 කට සහභාගී වෙමින් ලකුණු 1015 ක් රැස් කිරීමට පැතුම් නිස්සංක සමත්වී ඇත.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා එංගලන්තයට හිමිවී ඇති ඉලක්කය ලකුණු 142කි..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now