පළමු පෙරහුරු තරගයෙන් බංග්ලාදේශයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
අද (29) 2023 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු පෙරහුරු තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 7ක් ජයක් ලැබීය.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක, පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.1 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 263ක් රැස් කළා.
අගනා ඉනිමක් ක්‍රීඩාකළ පැතුම් නිස්සංක පන්දු 64කට ලකුණු 68යි. කඩුලු කිසිවක් නොදැවී ලකුණු 64ක් ලබා සිටියදී උරහිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් කුසල් ජනිත් පෙරේරා පිටියෙන් ඉවත් විමට සිදු වු අතර, පිටියෙන් ඉවත්වන විට ඔහු පන්දු 24කට ලකුණු 34ක් ලබා සිටියා.
ඒ අනුව, පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් පන්දු 19කට ලකුණු 22යි, ධනංජය ද සිල්වා පන්දු 79කට ලකුණු 55යි, නායක දසුන් ශානක පන්දු 17කට ලකුණු 03යි.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 264ක ඉලක්කයක් අඹාගිය අතර ඉතා සාර්ථක ඉනිමක් ආරම්භ කළ බංග්ලාදේශ ආරමබක පිතිකරුවන් පලමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 131ක සම්බන්ධතාවයක් පැවැත්වුවා.
ලන්ටන් ඩාස් පන්දු 56කට ලකුණු 66යි, දෙවන කඩුල්ල ටන්ෂිඩ් හසන් පන්දු 88කට ලකුණු 84යි, ඔහුගේ කඩුල්ල ලහිරු කුමාර දවාගත්තා.
මෙඩි හසන් පන්දු 64කට නොදැවී ලකුණු 67යි,මොසිෆ් පන්දු 45කට නොදැවී ලකුණු 43යි
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලහිරු කුමාර කඩුලු 1ක්,ද දුෂාන් හේමාන්ත එක් කඩුල්ලක්ද,වෙල්ලාලගේ එක් කඩුල්ලක් ලබා ගත්තා
පන්දුවාර 42 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී අවසානයේදී බංග්ලාදේශ කණ්ඩායම සිය ජයග්‍රහණය ලබා ගත්තේ.