තීරණාත්මක තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට - කණ්ඩායමේත් වෙනසක්
ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (01) පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
ඒ අනුව ශ්‍රී ලංකාව තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බංග්ලාදේශයට ලබාදීමටය තරගය පැවැත්වෙන්නේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.
අද පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකාවට අතිශය තීරණාත්මක වී තිබේ. අද තරගයෙන් ජයගන්නා කණ්ඩායම B කාණ්ඩයෙන් ආසියානු කුසලානයේ සුපිරි සිව්දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට නියමිතය.
මේ අතර ,ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ බංග්ලාදේශයට එරෙහිව අද පැවැත්වෙන තීරණාත්මක තරගය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා ඇති බව වාර්තා වනවා.
ඩුබායි හිදී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7යි 30ට මෙම තරඟය ආරම්භ වීමට නියමිතයි.
මෙම තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම බී කාණ්ඩයේ සුපිරි හතරදෙනාගේ වටයට තේරීපත් වනවා.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පන්දුවාර 20 තරග 12 ක් පවත්වා ඇති අතර ඉන් තරග 8 ක් ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |