වර්ෂාවෙන් බාධා වූ තරගය ගැන තීරණයක් - ඕස්ට්‍රේලියා කණ්ඩායම තීරණාත්මක ඉලක්කයක්

Cricket Sri Lanka Cricket Sri Lanka Australia Cricket Team
By Sithumi Jun 16, 2022 02:58 PM GMT
Report

ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවන එක්දින තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 220ක් රැස්කරගැනීමට සමත්විය.

කෙසේ වෙතත් 47 වන පන්දුවාරයේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමඟ ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තරගය ජයගැනීම සඳහා පන්දුවාර 43කදී ඔස්ට්‍රේලියාවට ලැබී ඇති ඉලක්කය ලකුණු 216කි. ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 36ක් රැස්කර ගැනීමට සමත්විය.

ඔහුගේ ඉනිමට හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් ඇතුලත් විය. ධනංජය ද සිල්වා ලකුණු 34ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් රැස්කිරීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමටද හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් ඇතුලත් විය.

පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් පිටියට පිවිසි නායක දසුන් ශානක ලකුණු 34කට මැක්ස්වෙල් හට උඩපන්දුවක් ලබාදෙමින් දැවී ගියේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් ඇතුලත් විය. අද දිනයේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් 8 දෙනෙකුම උඩපන්දු ලබා දී පිටියෙන් ඉවත්ව යාම කැපී පෙනුණි.

අවසානයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 20ක් රැස්කරදුන් දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකා ඉනිමට යම් ශක්තියක් ගෙන ඒමට සමත්විය.

පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරතවූ Pat Cummins කඩුලු 4ක් දවාගැනීමට සමත්විය. පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරතවූ Matthew Kuhnemann සහ Glenn Maxwell කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
 Join Now