අතිශය තීරණාත්මක තරගයක් - ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්..! අද තරඟයේ සිදු වූ දේ..

By Sithumi Jun 21, 2022 05:17 PM GMT
Report

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම අතර පැවති සිවු වැනි එක්දින තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම සතු වුණා.

ඒ ලකුණු 5කින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරමින්. ලකුණු දෙසිය 259ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කරගත්තේ ලකුණු 254ක් පමණ යි.

ශ්‍රී ලංකා කණ්ඩායමක් ඔස්ට්‍රෙලියානු කණ්ඩායමක් නොකඩවා තරග 3ක දී පරාජය කරනු ලැබුවේ පළමු වරට යි. මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රෙලියානු කණ්ඩායමක් නොකඩවා තරග දෙකකදී ශ්‍රී ලංකාවේදී පරාජය කරනු ලැබුවේ අදින් වසර 31ට පෙර සිදු කෙරුණු ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය තුළ දී.

සිව්වන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලුදෙනා දැවී ලකුණු 258ක් රැස්කර ගැනීමට සමත්විය.

ධනංජය ද සිල්වා පන්දු 61කදී ලකුණු 60ක් රැස්කරගැනීමට සමත්විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් ඇතුලත්විය. මෙහිදී පන්දු 8කට පමණක් මුහුණදී සිටි ශ්‍රී ලංකා නායක දසුන් ශානක අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීයාමකට හසුවී නැවත ක්‍රීඩාගාරයට ගමන්කිරීමට සිදුවිය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ Mitchell Marsh, Matthew Kuhnemann සහ Pat Cummins කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්විය.

එමෙන්ම,ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරුවෙකු වන චරිත් අසලංක ඔහුගේ එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කර ගන්නට අද (21) සමත් වුණා. අසලංක ඔහුගේ ශතකය සඳහා පන්දු 99කට මුහුණ දුන් අතර ඉන් පන්දු දහයක් හතරේ සිමාව වෙත යොමු කළා.

චරිත් අසලංකගේ පිත්තෙන් මෙවර වාර්තා වුයේ ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු ලබාගත් දෙවන ශතකය ලෙසටයි.

ලකුණු 35කට කඩුලු 3ක් බිඳවැටී තිබියදී පිටියේ ස්ථාවර වූ චරිත් අසලංක සහ ධනංජය සිල්වා දෙදෙනා ශ්‍රී ලංකා කණ්ඩායමට ස්ථාවර වේගවත් ලකුණු සංඛ්‍යාවක් කරා යාමේ අඩිතාලම දැමුවා. මේ දක්වා එක්දින තරග 15කට එක්වී ඇති අසලංක එහිදී අර්ධ ශතක 5ක් රැස් කරගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now