නවතා තිබුණු ඉන්ධන ප්‍රවාහන දුම්රියක තවත් දුම්රියක් ගැටී සිදු වෙන්න ගිය බිහිසුණු දුම්රිය අනතුර.. (PHOTOS)

accident train railway station Sri lanka sinhala news today trending news
By krishani Apr 11, 2022 06:15 AM GMT
Report

රඹුක්කන දුම්රිය ස්ථානයේ නවතා තිබූ ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියක තවත් දුම්රියක් ගැටී තිබේ.

අද (11) උදෑසන 4.00 පමණ මෙම සිදුවීම සිදුව ඇත.

දුම්රිය අංගනයේ නවතා තිබූ මගී ප්‍රවාහනය කරන දුම්රියක් රියදුරු නොමැතිව තිරිංගවල ඇතිවූ දෝෂයක් හේතුවෙන් දුම්රිය ස්ථානයේ නවතා තිබූ ඉන්ධන දුම්රියක ගැටී තිබුණි.

පසුව ඉන්ධන දුම්රිය, රඹුක්කන දුම්රිය ස්ථානයේ ගොඩනැගිල්ලකද ගැටී තිබේ.

අදාළ සිදුවීමෙන් ඉන්ධන දුම්රියේ තිබූ ඩීසල් විශාල ප්‍රමාණයක් අපතේ ගොස් ඇතැයි අප වාර්තාකරු පැවසීය.

දුම්රිය ස්ථානයේ ගොඩනැගිල්ලටද හානි සිදුව තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join


GalleryGalleryGalleryGalleryGalleryGallery