පොල්ගහවෙලම පුදුම කරමින් බැලුම්ගල කන්දෙන් විශාල බෞද්ධ කොඩියක් මතුවෙයි.(PHOTOS) .

Polgahawela Gagana news Sri lanka news Belumbala Buddhist flag Youth Organization
By Subodha Feb 17, 2022 06:33 AM GMT
Report

පොල්ගහවෙල ඉහලගම උදා ගම්මානයේ තරුණ සංවිධානයක් මගින් පෙල්ගහවෙල බැලුම්ගල පර්වත බැවුමේ ඊයේ (16) දා නවම් පුර පෙහෝ දින බෞද්ධ කොඩිය සිතුවම් කිරීමක් කර තිබුණේ, කාගේත් නෙත් සිත් පුදුම කරවමින්.

එම තරුණයන් විසින් පර්වත ඉහල සිට පහලට කඹ ආධාර කර ගනිමින් මහත් පරිශ්‍රමයකින් මෙය සිදුකර තිබීම විශේෂත්වයක්.

අඩි 35 දිග අඩි 20ක පළලින් යුතු සිතුවම් කළ බෙෘද්ධ කොඩිය පොල්ගහවෙල නගරයට හා අවට ප්‍රදේශ වලට ඉතාමත් මනරම් ආකාරයෙන් දර්ශනය වන ලෙස සිතුවම් කර තිබුණා .

පොල්ගහවෙල බැලුම්ගල කන්ද පුරාණ රජමහා විහාරස්ථානයේ පූජ්‍යපාද පදවිගම්පොල ගුණරත්න ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වය හා උපදෙස් මත මෙම බෞද්ධ කොඩිය සිතුවම් කිරිම සිදුකර තිබූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery