වසර 23කට පසු ශ්‍රී ලංකාවේ තේ අස්වැන්නට සිදුවූ දේ.(VIDEO)
මෙරට තේ අස්වැන්න වසර 23කට පසු අවම අගයක් වාර්තා කර තිබෙනවා.
ඒ අනුව මෙරටට විදේශ විනිමය වැඩි වශයෙන් උපයා දීමට ඉවහල් වූ මෙරට තේ කර්මාන්තය මුහුණ දී ඇත්තේ දැඩි අර්බුදයකටයි.
මෙරට තේවල රසය හා සුවඳ සඳහා ලොව ඇත්තේ ඉහළ පිළිගැනීමක්.
ශ්‍රී ලංකාවේ වාර්ෂික තේ නිෂ්පාදනය කිලෝ මිලියන 330ක් පමණ වන අතර එයින් කිලෝ මිලියන 323ක් පමණ ලොව පුරා රටවල් රැසකට අපනයනය කෙරෙනවා.
කෙසේ වෙතත් රුහුණු විශ්ව විද්‍යාලයේ බෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා අණාවරණ කළේ, වසර 23කින් පසු වාර්තා වන අවම තේ අස්වැන්න මේ වසරේ ජූනි මාසයේ වාර්තා වී ඇති බවයි.
මෙම වසරේ මුල් මාස 06 තුළදී තේ අපනයනය සියයට 08කින් පහළ ගොස් තිබෙනවා.
පසුගිය වසරේ ජනවාරි සිට ජුනි දක්වා තේ කිලෝග්‍රෑම් මිලියන 130ක් අපනයනය කර තිබු අතර මෙම වසරේ එම කාලය තුල අපනයනය කර ඇති තේ ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 125ක්.
මේ හේතුවෙන් කර්මාන්තයේ නියැලී සිටින මිලියන 2.5ක් පමණ සේවකයින් පිරිස පත්ව ඇත්තේද දැඩි අපහසුතාවකටයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |