නව වෙළෙඳපොළ අවස්ථා සමඟ මෙරට අපනයන ක්ෂේත්‍රය ඉදිරියටම
Sri Lanka
Economy of Sri Lanka
Latest Headlines
Sinhala news
By R.rishma
2026 වසරේ මුල් මාස 10 තුළ මෙරට භාණ්ඩ හා සේවා අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 15.28ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
එය 2025 වසරේ එම කාලසීමාවේ වාර්තා වූ ඩොලර් බිලියන 14.41ක ආදායමට සාපේක්ෂව 6.03%ක වර්ධනයකි.
ශ්‍රී ලංකා රේගු දත්ත අනුව භාණ්ඩ අපනයන ආදායම ද 5.72%කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 12.01ක් ලෙස වාර්තා වී තිබේ.
අපනයන තරගකාරිත්වය ඉහළ නැංවීම, නව වෙළෙඳපොළ අවස්ථා පුළුල් කිරීම සහ භාණ්ඩ හා සේවා විවිධාංගීකරණය මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.