මෙරට තෙල් ප්‍රශ්නය විසදෙයි?.. රුසියාවෙන් කොළ එළියක්..

Sri Lanka Russian Federation Sri Lanka Fuel Crisis
By Aruna May 26, 2022 12:38 AM GMT
Report

ශ්‍රී ලංකාව රුසියාවෙන් කළ ඉල්ලීම සලකා බලයි ශ්‍රී ලංකාව තුළ පවතින ඉන්ධන අර්බුදය විසඳීම සඳහා රුසියාවෙන් ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් සිදුකර ඇති ඉල්ලීම රුසියාව විසින් සලකා බලමින් සිටින බව මෙරට රුසියානු තානාපති කාර්යාලය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව දෙරට අතර ඉන්ධන ලබාගැනීම සඳහා මේ වන විටත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා ආරම්භ වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

මේ පිළිබඳව කළ විමසීමකදී ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් අනස්ටාෂියා හක්ලෝවා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව විසින් රුසියාවෙන් තෙල් ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳ විමසා ඇති බවත්, මේ වනවිට ඒ පිළිබඳ සලකා බලමින් සිටින බවත් ය.

නමුත් මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර හමුවක් පැවතීම පිළිබඳ වන පුවත අසත්‍යය බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියාය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now