රුපියල ශක්තිමත් වීමෙන් ජනතාවට සහන ලැබෙන කාලය මෙන්න..

Sri Lankan rupee Sri Lanka
By Aruna Mar 07, 2023 03:04 AM GMT
Report

ඩොලරයට සාපෙක්ෂව රුපියල ශක්තිමත් වීම කොතෙක් දුරට ස්ථිර තත්ත්වයක්දැයි මේ මොහොතේ කිව නොහැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසනවා.

කෙසේ වෙතත් ඉකුත් දින කිහිපයේදී රුපියල අධි ප්‍රමාණය වීම තුළින් මෙරට ආර්ථිකයේ යම් ධනාත්මක තත්ත්වයක් පෙන්නුම් කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ආනයන පාලන තත්ත්වයක් යටතේ ඩොලර් සඳහා ඇති ඉල්ලුම අවම වීම එම තත්ත්වයට බලපා ඇති බවද ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පෙන්වා දුන්නා.

රුපියල අධිප්‍රමාණය වීමේ වාසිය ජනතාවට ලැබිමට නම් එම තත්ත්වය මාස 3ක පමණ කාලයක් ස්ථාවරව පැවතිය යුතු බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now