ශ්‍රී ලංකා පිලට නැවතත් එක්දින පිටියේ සිව්වැනි තැන

Cricket Sri Lanka Cricket Sports Latest Headlines SriLanka - Puwath
By Shehan Aug 12, 2025 05:22 PM GMT
Report

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි නවතම යාවත්කාලීන කිරීම අනුව නැවතත් එක්දින කණ්ඩායම් අතර සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව ඇත.

සිව්වැනි ස්ථානයේ පසු වූ පාකිස්තාන කණ්ඩායම පස්වැනි ස්ථානය දක්වා පහත බැසීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම සිව්වැනි ස්ථානය දක්වා එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට සමත්ව ඇත.

මේ දිනවල බටහිර ඉන්දීය කොදෙව් හි තරග සංචාරයක නිරතව සිටින පාකිස්තාන කණ්ඩායම පෙරේදා (10 වැනිදා) පැවැති එක්දින තරගාවලියේ දෙවැනි තරගය පරාජයට පත් විය. ශ්‍රී ලංකාව මේ වන විට ශ්‍රේණිගත කිරීම් ලකුණු 103ක් ලබා සිටින අතර පාකිස්තානයට හිමි ශ්‍රේණිගත කිරීම් ලකුණු ගණන 102කි.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කළ එක්දින තරගාවලිය වන බංග්ලාදේශය සමග පැවැති එක්දින තරගාවලිය ආරම්භයට පෙර සිව්වැනි ස්ථානයේ පසු වූ නමුත් පසුව පස්වැනි ස්ථානය දක්වා පහත බැසීමට සිදු විය.

ශ්‍රී ලංකාවට ඉහළින් හෙවත් තෙවැනි ස්ථානයේ ශ්‍රේණිගත කිරීම් ලකුණු 109ක් හිමි ඔස්ට්‍රේලියාව රැඳී සිටින අතර ඉන්දියාව සහ නවසීලන්තය පිළිවෙළින් ලකුණු 124ක් සහ 109ක් ලබා පළමු සහ දෙවැනි ස්ථානයන්ගේ පසු වේ.