ප්‍රධාන මාර්ගයක පාර වසා විරෝධතාවයක්..

By Sithumi Jun 04, 2022 12:05 PM GMT
Report

හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලෙන් භුමිතෙල් මිල දි ගැනිම සදහා (04) දින අලුයම සිට දිගු පොලිම් වල රැදි සිටි පාරිභෝගිකයන් පිරිසක් එම ඉන්ධන පිරවුම්හල ඉදිරිපසින් හැටන් කොළඹ නුවරඑලිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් භුමිතෙල් ලබාදෙන ලෙස උද්ඝෝෂණයක නිරත විය.

එම ඉන්ධන පිරවුම්හලේ සේවකයින් විසින් (04) දින භුමිතෙල් නිකුත් කිරිමට සංචිතයේ භුමිතෙල් නොමැති බවට පැවසිමෙන් අනතුරුව පාරිභෝගිකයන් උද්ඝෝෂණයේ නිරත විය. හැටන් පොලිසියේ නිලධාරින් මේ පිලිබදව කොටගල ඛනිජ තෙල් නිතිගත සංස්ථා තෙල් ගබඩා සංකිර්ණය වෙත දැනුම් දිමෙන් පසු එම ඉන්ධන පිරවුම්හලට භුමිතෙල් ලිටර් 6600 ක් (04) දින ලබාදෙන බවට පොරොන්දු වු බව පොලිස් නිලධාරින් උද්ඝෝෂකයන් හමුවේ පැවසිමත් සමග අවහිර කර තිබු ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට උද්ඝෝෂකයන් ඉඩ සලසා දෙනු ලැබුහ.

පසුව එම ඉන්ධන පිරවුම්හලට භුමිතෙල් තොග ලැබිමත් සමග දිගු පොලිම් වල භුමිතෙල් ලබා ගැනිමට පාරිභෝගිකයන් දෙදහසක් පමණ රැදි සිටිම නිසා එක් පාරිභෝගිකයෙකුට රු 300 පමණක් භුමිතෙල් ලබාදිමට ඉන්ධන පිරවුම්හල් සේවකයින් පියවර ගැණින. භුමිතෙල් පොලිම් පාලනය කිරිමට යුධ හමුදා නිලධාරින් සහ හැටන් පොලිසියේ නිලධාරින් යොදවා තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now