මළවුන්ගේ දිනයේ සොහොනක ජයටම සාද දාලා..

Sri Lanka
By krishani Nov 08, 2022 04:08 AM GMT
Report

පසුගිය 2 වනදා රාත්‍රියේ මඤ්ඤොක්කා හේන පොදු සුසාන භූමියේ දී මළවුන්ගේ දිනය සැමරීම සඳහා මත්පැන් සාදයක් පවත්වා ඇත.

එය සමාජ මාධ්‍යයේ ඡායාරූප සහිත ව පුවත් වාර්තා කර තිබූ අතර එමගින් මෙම සාදය සඳහා මීගමුව මහ නගර සභාවේ නිලධාරීන් සහ සේවකයන් ද සහභාගී වී සිටි බව වාර්තා කර තිබිණ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට පොලිසියට පැමිණිල්ලක් ද ගොනු කර ඇති බව මීගමුව නගරාධිපති දයාන් ලන්සා කියා සිටි අතර ඒ මහතා පවසන්නේ එම සාදයට මහ නගර සභාවේ නිලධාරීයෙකු හෝ සේවකයෙකු සම්බන්ධ වී නොමැති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join