පහරදීමකින් පොලිස් නිලධාරියෙකු රෝහල් ගත කරයි..

Sri Lanka Police Sri Lanka
By krishani Sep 20, 2022 05:34 AM GMT
Report

මාරවිල - කුරුසපල්ලිය ප්‍රදේශයේ දී ඊයේ (19) පස්වරුවේ මහමඟ ගමන් කරමින් සිටි කාන්තාවකගේ අත්බෑගයක් පැහැර ගෙන යමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී සිදු කළ පහරදීමකින් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

අත්බෑගය පැහැර ගැනීමෙන් පසු අදාළ පොලිස් නිලධාරියා සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම අවස්ථාවේ දී තියුණු ආයුධයකින් ඔහු පොලිස් නිලධාරියාට පහර දී ඇත.

මෙලෙස පහර කෑමට ලක් ව ඇත්තේ, මාරවිල පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු බව පොලිසිය සඳහන් කළේ ය.