පොලිස් නිළධාරීන් පිරිසකට පොලු මුගුරුවලින් ප්‍රහාරයක් - 04කට බරපතලයි..

Sri Lanka Police Sri Lanka
By krishani Sep 11, 2022 05:12 AM GMT
Report

ඊයේ(10) ආනමඩුව – පුරාණගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට පහරදීමක් සිදුව ඇත.

එහිදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන් 04දෙනෙකු බරපතල තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කර ඇත.

එහිදී සැකකරුවන් දෙදෙනෙකු කැටුව පරීක්ෂා කිරීමක් සදහා පොලිසිය පිටව යන අතරතුරයි මෙය සිදු වී ඇති අතර එහිදී එම ස්ථානයට පැමිණි පිරිසක් ඊට විරෝධය එල්ල කර එම පොලිස් නිලධාරීන්ට පොලු මුගුරුවලින් සහ මොට ආයුධයකින් පහරදීමක් සිදුකර ඇත.

පොලීසිය භාරයේ සිටි සැකකරුවන් දෙදෙනා ද එහිදී පලා ගොස් ඇති අතර සිද්ධියෙන් පොලිස් නිලධාරීන් 04දෙනෙකු බරපතල තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේ.