පොහොට්ටුවට විශේෂයි - ලබන මාසේ සිදු කරන්න යන විශේෂ දෙය ගැන දැනුම්දීමක්.

Sri Lanka Politician Sri Lanka Sri Lanka Podujana Peramuna
By krishani Nov 10, 2023 04:58 PM GMT
Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 02 වන ජාතික සම්මේලනය ලබන මාසයේ පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.

ඒ බව එම පක්ෂය සඳහන් කළේ ය.

ඒ අනුව දෙසැම්බර් 15 වැනිදා කොළඔ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී එම සම්මේලනය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සූදානම් කර ඇත.

මේ සදහා පක්ෂයේ මැති ඇමතිවරුන්, නායකයින් සහ නාගරික මන්ත්‍රීවරුන් සහභාගි වීමට නියමිතයි.

කෙසේ වෙතත්, පක්ෂය සමග සන්ධාන ගතව ඇති සහෝදර පක්ෂ සහ පක්ෂයට අනුබද්ධ සංවිධාන එක්ව මෙම මහා සම්මේලනය පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.