අද පාර්ලිමේන්තුවේ රටටම සුබ දෙයක් කරන්න යයි..ඉන්ධන ගැනත් සතුටුදායක පුවතක්..
Parliament of Sri Lanka
Sri Lanka Politician
Sri Lanka
By Aruna
2023 වසර සඳහා විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට (පළමු වර කියවීම) නියමිතව තිබේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එය තීරණය කර තිබෙනවා.
එමෙන්ම, අද රැස්වන පාර්ලිමේන්තුවේ පෙ.ව 10.30 සිට ප.ව 5 දක්වා ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.
එමඟින් ජාත්‍යන්තර බලශක්ති සැපයුම්කරුවන්ට මෙරටට ඉන්ධන ආනයනය, බෙදාහැරීම සහ අලෙවිය විවෘත වන අතර, බලශක්ති ක්ෂේත්‍රෙය් ආයෝජන සඳහා පවතින නෛතික බාධා ඉවත් කෙරෙනවා.
අනතුරුව ප.ව 5 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ රජයේ යෝජනාව අනුව විවාදය පැවැත්වෙන බව ද පාර්ලිමේන්තු මහලේකම්වරයා පවසනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |