මෙරට පාර්ලිමේන්තුවේ සුවිශේෂතම දිනය අදයි..පාසල් ළමුන්ට සහ දැනුම සොයන අයට අතිශය වැදගත්.(PHOTOS)

Parliament of Sri Lanka Sri Lanka Politician Sri Lanka
By Aruna Apr 29, 2022 02:30 AM GMT
Report

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි වර්තමාන ගොඩනැගිල්ල වෙත ස්ථාපිත කර අදට වසර 40ක් සපිරෙනවා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගාලු මුවදොර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් 70 දශකය අගභාගය වන විට එය වෙනත් ගොඩනැගිල්ලකට ගෙනයාමේ අවශ්‍යතාවය මතු වුණා.

මෙහිදීයි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් ඉදිකිරීමට යෝජනා වුයේ.

ඒ අනුව 1979 වර්ෂයේදී ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ ප්‍රදේශයේ දියවන්නා ඔයේ පිහිටි අක්කර 16 කුඩා දූපතක අභිනව පාර්ලිමේන්තුව ඉදිකිරීම ආරම්භ කෙරුණා.

එවකට ජනාධිපති ධුරයේ කටයුතු කළ ජේ. ආර්. ජයවර්ධනගේ මගපෙන්වීම යටතේ එවකට අග්‍රාමාත්‍යවරයා වූ ආර්. ප්‍රේමදාස විසින් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු මෙහෙයවා තිබෙනවා.

මේ අනුව ජෙෆ්රි බාවා ප්‍රධාන ගෘහනිර්මාණ ශිල්පියා ලෙස තෝරාගන්නා ලද අතර ජපන් සමාගමකට මෙම නව ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු පවරා තිබුණා.

මෙහිදී ශ්‍රී ලාංකේය සම්ප්‍රදායන් මුල්කරගෙන නිර්මාණය කර ඇති පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සියලු ගෘහනිර්මාණ කටයුතු සඳහා දේශීයත්වයට ප්‍රමුඛතාව ලබා දී තිබෙනවා.

මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 1982 වසරේ අවසන් වූ අතර 1982 අප්‍රේල් 29 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ පිහිටි අභිනව පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබුවා.

මේ අනුව එතෙක් ගාලු මුවදොර පිහිටි මෙරට ව්‍යවස්ථාදායකය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඉදිකළ අභිනව පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගෙන ඒම සිදු වුණා.

විශේෂයෙන් නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විවෘතකිරීමත් සමගයි ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ නගරය ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිපාලන නගරය බවට පත්වීම ද සිදු වුයේ.

නා ගස් පෙළකින් සමන්විත පිවිසුම් මාර්ගය පසුකරමින් වර්තමාන පාර්ලිමේන්තු පරිශ්‍රයට පිවිසිය යුතුයි.

මෙහිදී පාර්ලිමේන්තුව මහජනයා වෙත සමීප කිරීමේ අරමුණෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැරණි ගෘහනිර්මාණ ශිල්පක්‍රම අනුව ඉදිකර ඇති “අම්බලම” යන සංකල්පය මුල්කොටගත් ස්ථාන කිහිපයක් දැකිය හැකියි.

මෙම ස්ථාන දේශපාලඥයන් සහ ඔවුන් නියෝජනය කරන ප්‍රදේශයන්හි ජනතාව එක් රැස්වී සුහදව සාකච්ඡා කිරීමේ අරමුණින් ඉදිකරන ලද බව පැවසෙන්නේ.

එසේම පාර්ලිමේන්තු පිවිසුමේදී ජලය පිරි පොකුණ දැකගත හැකියි.

පාර්ලිමේන්තුවේ ප්‍රධාන ද්වාරය අසල ආචාර්ය මංජු ශ්‍රී චිත්‍ර ශිල්පියාගේ විශිෂ්ට බිතු සිතුවම් කිහිපයක් දැකිය හැකියි.

සභා ගර්භයෙහි ප්‍රධාන ද්වාරය තඹ වලින් නිමවා රිදී තහඩුවකින් ආවරණය කර ඇති අතර එහි සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාව කැටයම් කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සභා ගර්භය හැඩයෙන් සෘජුකෝණාශ්‍රාකාර වන අතර එය මහල් දෙකක් පුරා විසිරී පවතිනවා.

එසේම රජවරුන්ට, පන්සල්වලට සහ කෝරලවලට අයත් කොඩි 18ක් සභා ගර්භයේ ඉහළ කොටසේ දැකිය හැකියි.

තවද සභා ගර්භයේ මධ්‍යයේ එල්ලා ඇති රිදී ආලේපිත පොකුරු පහන සභා ගර්භයට ගාම්භීර බවක් එක් කරනවා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංයුතිය. 

මෙරට පාර්ලිමේන්තුවේ සුවිශේෂතම දිනය අදයි..පාසල් ළමුන්ට සහ දැනුම සොයන අයට අතිශය වැදගත්.(PHOTOS) | Sri Lanka Parliament

මෙරට පාර්ලිමේන්තුවේ සුවිශේෂතම දිනය අදයි..පාසල් ළමුන්ට සහ දැනුම සොයන අයට අතිශය වැදගත්.(PHOTOS) | Sri Lanka Parliament

සභාවේ අසුන් පැනවීම

01.කථානායකතුමා

02.අග්‍රාමාත්‍යතුමා

03.විපක්ෂ නායකතුමා

04.පාර්ලිමේන්තුවේ මහලේකම් (පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී කථානායකතුමා උස් පීඨිකාවේ ඇති සිය අසුනින් ඉවත්ව පාර්ලිමේන්තු මහලේකම්ගේ ආසනයේ අසුන් ගනී.)

05.පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්

06.පාර්ලිමේන්තු‌‌වේ සහකාර මහ‌‌ලේකම්

07.පාර්ලිමේන්තු සභා මේසය

08.සෙංකෝලය (පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී “මේසයට පහළින්” සෙංකෝලය තබනු ලැබේ.)

09.ආණ්ඩු පක්ෂයේ ආසන

10.විපක්ෂයේ ආසන (ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් ගණන ආණ්ඩු පක්ෂය පැත්තේ ඇති ආසන ගණනට වඩා වැඩි වූ විටදී, එම අතිරික්ත ප්‍රමාණයට විපක්ෂයේ ඉදිරිපෙළ හැර ආසන පනවනු ලැබේ.)

11.සභා ගර්භ සීමාව

12.වේත්‍රධාරී

13.නියෝජ්‍ය වේත්‍රධාරී

14.හැන්සාඩ් නිලධාරීන්

15.පාර්ලිමේන්තු නිලධාරීන්

16.පුවත්පත් ගැලරිය

17.ගැලරිය 1 (මහජනයා සඳහා)

18.ගැලරිය 2 (මහජනයා සඳහා)

19.ගැලරිය 3 (මහජනයා සඳහා)

20.කථානායක ගැලරිය (මෙය සම්භාවනීය අමුත්තන් සඳහා වෙන්කර ඇත.)

ආසන පහසුකම් සභා ගර්භය තුළ මන්ත්‍රීවරුන්ට ආසන පහසුකම් සලසා ඇත්‌තේ ‌මේස සහිතව තට්ටු‌වෙන් තට්ටුව උස් වන පරිදි සවි කළ ආසන මගිනි. සභා ගර්භය තුළ වායු සමීකරණ පහසුකම් ද සහිතව මන්ත්‍රීවරුන් 232 ක් සඳහා ආසන පහසුකම් ඇත.

ඔවු‌නොවුන්ට හිමි ආසන ප්‍රමාණය පදනම්කර ගනිමින් ඒ ඒ පක්ෂ සහ කණ්ඩායම් සඳහා සභාව තුළ ආසන පනවා ඇත.

ආණ්ඩු පක්ෂය මූලාසන‌යේ දකුණු පසින් ද, විපක්ෂ ‌දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් වම් පසින් ද, සිටින ‌සේ සභා ගර්භය තුළ අසුන් පනවා ති‌බේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූලව වසර පහක කාල සීමාවක් සඳහා තෝරා ගත් මන්ත්‍රීවරුන් දෙසීය විසිපස් දෙනෙකු‌‌ගෙන් පාර්ලිමේන්තුව සමන්විත විය යුතුවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 98 සහ 99 ව්‍යවස්ථාවල

පාර්ලිමේන්තුවේ සංයුතිය පෙන්වා දී තිබේ. මන්ත්‍රීවරුන් 196 දෙ‌නෙකු ජනතාව විසින් මහ මැතිවරණයක දී ‌කෙළින්ම ‌තෝරා පත් කර ගන්නා අතර එවන් මහ මැතිවරණයකදී තරග වදින එක් එක් ‌දේශපාලන පක්ෂය ‌හෝ ස්වාධීන කණ්ඩායම ඔවුන් අතර ලබා ගත් ඡන්ද ප්‍රමාණයට අනුපාතිකව ඉතිරි ආසන 29 බෙදා හරිනු ලැ‌‌බේ.

වි‌ශේෂ කාර්යයන් සඳහා ‌වෙන් වූ වි‌ශේෂ කුටි කීපයක් සභා ගර්භ‌යේ පහළ ‌කොට‌සෙහි පිහිටා ති‌බේ.

හැන්සාඩ් නිලධාරීන් සඳහා ‌වෙන් වූ කුටි සහ පාර්ලි‌මේන්තු නිලධාරීන් සඳහා ‌වෙන් වූ කුටි පිළිවෙලින් මූලාසන‌යේ වම් සහ දකුණු පැතිවල පිහිටා ති‌බේ.

පාර්ලිමේන්තු කථා පරිවර්තකවරුන් සහ රජයේ නිලධාරීන් සඳහා වෙන් වූ කුටි මූලාසනයට විරුද්ධ දිශා‌වේ පිහිටා ඇත.

සභා ගර්භය ‌දෙපස පුළුල් ආලින්ද පිහිටා ඇති අතර ඒ තුළින් මන්ත්‍රීවරුන් සභා ගැබට ඇතුළු වේ.

මන්ත්‍රීවරුන් හට අසුන් ‌ගෙන සුහද සාකච්ඡාවල ‌යෙදීම සඳහා ‌මෙම ආලින්දයන්හි සුවපහසු ආසන සහ අවශ්‍ය අනිකුත් උපකරණ සපයා ති‌බේ.

ඉතිහාසයේ සිට වර්තමානය දක්වා පාර්ලිමේන්තුවේ ස්වභාවය පහත ඡායාරූප වලින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now  


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery