ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනස් වෙයි - චන්ද්‍රිකාත් ඉවතට
SLPP
Maithripala Sirisena
Sri Lanka
By Sithumi
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව භාණ්ඩාගාරික වරයා ලෙස සාරතී දුෂ්මන්ත මිත්‍රපාල පත්කර තිබෙනවා. ඒ මෙතෙක් එම පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ ලසන්ත අලගියවන්න එම ධුරයෙන් ඉවත් කරමින්.
මීට අමතරව අද රැස් වූ මධ්‍යම කාරක සභාව හෙට (22) පැවැත්වෙන අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදී එයට විරුද්ධව ඡන්දය දීමටත් තීරණය කර තිබෙනවා.
එමෙන්ම හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ සියලු දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කළා.
මීට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයෙන් මහින්ද අමරවීර ඉවත් කර ඒ වෙනුවට තිලංග සුමතිපාල පත් කිරීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |