ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනුත් රාජ්‍ය අමාත්‍යවරුන් - ඇමතිවරු ගැන ඉගියක්..

Parliament of Sri Lanka Mahinda Amaraweera Maithripala Sirisena Sri Lanka Cabinet
By Sewvandhi May 25, 2022 09:33 AM GMT
Report

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු ඉදිරියේදී රාජ්‍ය අමාත්‍යධුරවල දිවුරුම්දීමට නියමිත බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

වනජීවි අමාත්‍යාංශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

ප්‍රශ්නය - ඔබතුමාට තියෙන තව අභියෝගයක් ඔබතුමාගේ පක්ෂයේ අභියෝගය. ඒ ඔබතුමාට එරෙහි විනය පරීක්ෂණය. මේකට කොහොමද මුහුණදෙන්නේ ?

"අපිට එහෙම විනය පරීක්ෂණ හෝ කිසිම දෙයක් පිළිබඳව දැනුම්දීමක් කරලා නැහැ. අපි මේ ගත් තීන්දුව පිළිබඳව අපි කරුණු ඉදිරිපත් කරනවා ලබන සතියේ. අපේ කිහිපදෙනෙක් රාජ්‍ය අමාත්‍යවරු විදිහට දිවුරුම් දෙනවා. ඉන්පස්සෙ අපි කරුණු පැහැදිලි කිරීමක් කරනවා. මධ්‍යම කාරක සභාවටත් අපි කරුණු ඉදිරිපත් කිරීමට සූදානමින් ඉන්නවා. මම හිතන්නේ නැහැ අපිට විනය පරීක්ෂණයක් හෝ ඒ වගේ තත්ත්වයක් ඇති කරන්න අවශ්‍යතාවයක් තියෙයි කියලා. පක්ෂයේ සභාපතිතුමා දන්නවා අපේ තිබෙන වැදගත්කම පිළිබඳව. එතුමාට වැටහීමක් තියෙනවා. ම හිතන්නේ නැහැ එතුමා මේ පක්ෂය කඩාගෙන යන්න කටයුතු කරයි කියලා."    


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now