නිදහස් පක්ෂයේ සංවිධායකයන් සියල්ල හදිසියේම කොළඹට කැඳවයි..! හේතුව මෙන්න..
Srilanka Freedom Party
Maithripala Sirisena
Sri Lanka
Dayasiri Jayasekara
By Sewvandhi
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකයන් සහ ආසන සංවිධායකයන් හෙට කොළඹට කැඳවා තිබෙනවා.
හෙට පස්වරු 02 ට පක්ෂ මූලස්ථානය වෙත පැමිණෙන ලෙසයි සියලු සංවිධායකයින් වෙත පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් ලිඛිතව දැනුම් දී ඇත්තේ.
කෙසේ වෙතත් මෙම දිස්ත්‍රික් හා ආසන සංවිධායකයින්ගේ රැස්වීම වර්ජනය කිරීමට නිදහස් පක්ෂයේ තවත් පිරිසක් තීරණය කර ඇති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා. පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙන් අනතුරුව නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් හා ආසන සංවිධාකයන් රැස්වන පළමු අවස්ථාව මෙයයි.
එමෙන්ම පසුගියදා පක්ෂයේ ආසන සංවිධායක ඇතුලු තනතුරුවලින් ඉවත්කළ කැබිනට් අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ පුරප්පාඩු තනතුරු සඳහාද නව පත්කිරීම් සිදුකර නොමැති පසුබිමකයි මෙලෙස දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන් කැඳවා ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |