ශ්‍රී ලංකාවේ ඉදිරි මාස කිහිපය ඉතා තීරණාත්මක බවට අනතුරු ඇඟවීමක්..හේතුව මෙන්න.
Sri Lanka
Electric
Technology
Norochchole
By Aruna
වර්ෂාව ලැබුණු ද නැත ද මේ වසර පුරාම විදුලි කප්පාදු කිරීමට සිදුවනු ඇතැයි විදුලි ඉංජිනේරුවන් කියා සිටිනවා.
විදේශ මුදල් නොමැතිකම නිසා ඉන්ධන ආනයනය කර ගත නොහැකි වීම මත ජුනි මාසයෙන් පසු ගල් අගුරු සංචිතද අවසන් වනු ඇති බවත් ඉන් පසු විදුලි අර්බුදය තවත් දරුණු විය හැකි බවත් ඔවුන් පෙන්වා දෙන්නේ.
දැනට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු සිදු වුවද දිනකට නිපදවන ඉන්ධන සීමාසහිත ප්‍රමාණයක් විදුලි නිෂ්පාදන ට ලැබෙන නිසා තාප විදුලි බලාගාර කිහිපයක් ම අක්‍රීය පවතී.
පවතින තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී ඉදිරි මාස කිහිපය ඉතා තීරණාත්මක වනු ඇති බවද ඔවුන් තවදුරටත් අනතුරු අඟවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |