මම ලංකාව දාලා යන්නේ ආපහු එන්න හිතාගෙන නෙවෙයි, රංගනයෙන් ඉවත් වුනාට මම ඉදිරියේදී සිංදු කියනවා-හර්ෂි රසාංගා (PHOTOS )

Ashwin Gossip Today SL Actress Gossips
By Sithumi Feb 26, 2023 04:30 PM GMT
Report

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක්, නර්ථන ශිල්පිනියක් මෙන්ම නිවේදන ශිල්පිනියක් තමයි හර්ෂි රසාංගා කියලා කියන්නේ. ඒ වගේම වසර දහයක් පමණ ක්ෂේත්‍රයේ රැඳී සිටින ඇය මෙවර සුමති සම්මාන උළෙලේ හොඳ නැඟී එන නිළියට හිමි සම්මානය දිනා ගැනීමට වාසනාවන්ත වුණා

. කොහොම නමුත් ඇය යුග දිවියට පා තැබීමත් සමඟ රංගනයට සමුදීමට සූදානම් වන බවට කතාවක් පැතිරෙන නිසාම ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්නත් පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා. ඉතින් ඇය නැඟී එන නිළියට නිර්දේශ වුණු පළමු අවස්ථාව වගේම ක්ෂේත්‍රය තුළ ඇයට ලැබුණු පළමු සම්මානයත් මේක කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇයට සුමති සම්මානය ලැබුණෙ ‘තාදි’ ටෙලිනාට්‍ය වෙනුවෙන්. කොහොම නමුත් ඇය දැන් විවාහ වෙලා ඉන්න බව දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ප්‍රේමය හරිම සුන්දරයි කියලයි ඇය කියන්නේ. ඒත් එක්කම ඇයට මෙතෙක් කල් ලැබුණෙ පවුලෙ අයගේ ආදරය සහ ප්‍රේක්ෂකයන්ගේ ආදරය වුනත් දැන් ඒ ආදරයත් එක්කම ඇයට සැමියකුගේ ආදරය ලැබෙන නිසා ඒ ගැන ගොඩක් සතුටුයි කියලත් ඇය කියනවා.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery