බොඳ වූ සිහිනයත් එක්ක ලංකාවම බලන් ඉන්න, ශ්රී ලංකා - නෙදර්ලන්ත තරගයේ කාසියේ වාසිය තීරණය වෙයි..
අද (17) 2024 T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ 38 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් විය.
එම තරගය ශ්රී ලංකා කණ්ඩායම සමග පැවැත් වේ.
කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.
ශ්රී ලංකා වේලාවෙන් අද උදෑසන 06.00ට ආරම්භ වන එම තරගය Daren Sammy National Cricket Stadium, Gros Islet, St Lucia හිදී පැවැත්වීමට නියමිතයි.
මේ වන විට ශ්රී ලංකා කණ්ඩායම සුපිරි 08 දෙනාගේ වටයෙන් නිල වශයෙන් ඉවත්ව ඇත.
මෙම තරගය ක්රීඩා කිරීමෙන් අනතුරුව ඔවුන් ලෝක කුසලාන සිහිනය හැර දමා නැවත මෙරටට පැමිණිය යුතු වේ.
ශ්රී ලංකා කණ්ඩායම මෙතෙක් සහභාගි වූ තරග තුනෙන් නේපාලය සමග පැවති තරගය වර්ෂාව හේතුවෙන් ක්රීඩා නොකළ අතර, අනෙකුත් තරග දෙකම පරාජයට පත්වී එක් ප්රසාද ලකුණක් පමණක් හිමිකරගෙන 'ඩී' කාණ්ඩයේ අවසන් ස්ථානයේ පසු වේ.
එමෙන්ම, නෙදර්ලන්තය, ප්රසාද ලකුණු 02ක් හිමි කරගෙන එම කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසු වේ.
ඔවුන් සහභාගී වූ තරග තුනෙන් එක් තරගයක් ජයග්රහණය කර ඇති අතර, තරග දෙකක් පරාජයට පත්වී තිබෙනවා.
ශ්රී ලංකා වේලාවෙන් අද අලුයම 05.00ට ආරම්භ වූ 37 වැනි තරගය වන බංග්ලාදේශ - නේපාල් තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට නේපාලය සමත් විය.
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.
එම තරගය මේ වනවිට Arnos Vale Ground, Kingstown, St Vincent හිදී පැවැත් වේ.
කෙසේ වෙතත්, T20 ලෝක කුසලානයේ 39 වැනි තරගය ලෙසින් නවසීලන්තය සහ පැපුවා නිව් ගීනියාව සහභාගීවන තරගය ශ්රී ලංකා වේලාවෙන් අද රාත්රී 08.00 ට Brian Lara Stadium, Tarouba, Trinidad හිදී පැවැත්වීමට නියමිතයි.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%