ශ්‍රී ලංකාව තවත් ණයක් සදහා ගිවිසුම් ගතවෙයි
Dollar to Sri Lankan Rupee
Sri Lanka Economic Crisis
Sri Lanka
Asian Development Bank
IMF Sri Lanka
By Sewvandhi
ශ්‍රී ලංකා රජය අමෙරිකානු ඩොලර් මිලියන 203ක් ණයට ගැනීම සඳහා ගිවිසුමක් අත්සන් තබා තිබේ. මුදල් අමාත්‍යාංශය දැනුම්දෙන්නේ, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත්වලින් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබාදෙනු ඇති බවය.
මීට අමතරව, ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන ජපන් අරමුදල (JFPR) ව්‍යාපෘති ක්‍රියාකාරකම් සඳහා මූල්‍යමය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 03ක ප්‍රදානයක් ලබාදීමට නියමිතය.
ඒ අනුව සම්පූර්ණ ව්‍යාපෘති පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 203.36ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 0.36ක් රජය විසින් දැරීමට එකඟ වී ඇත.
ආහාර, දිළිඳුකම සහ අවදානමට ලක්වූවන්ගේ ජීවනෝපායන් ආරක්ෂා කිරීම (විශේෂයෙන්ම කාන්තාවන් සහ ළමුන්) මින් අපේක්ෂා කෙරේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |