ඉන්ධන සම්බන්ධයෙන් රටටම සුභ ආරංචියක්.. කරන්න යන සුපිරිම වැඩේ මෙන්න..

Fuel Price In Sri Lanka Trincomalee Sri Lanka Fuel Price In World
By Aruna Jan 21, 2024 12:39 AM GMT
Report

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් “අද දවසේ ඉන්දියානු සාගර කලාපයේ හරිත ඉන්දන භාවිතය හා ඉන්ධන මෙහෙයුම්” (Sri Lankan Forum on Green Hydrogen and E-fuels Bunkering in The Indian Ocean today) සමුළුව පසුගියදා පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති “ශ්‍රී ලංකා ඉතාලි නීල ආර්ථික සංගමය හෙවත් The Ceylon Italy Blue Economy Association (CIBEA) විසින් මෙම සමුළුව සංවිධානය කළ අතර, මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන පාර්ශවකරුවන් වන්නේ ඉතාලියේ ජිනෝව විශ්ව විද්‍යාලය හා ශ්‍රී ලංකාවේ මොරටුව විශ්ව විද්‍යාලයයි.

ඉන්ධන සම්බන්ධයෙන් රටටම සුභ ආරංචියක්.. කරන්න යන සුපිරිම වැඩේ මෙන්න.. | Sri Lanka Is Going To Become A Green Fuel Zone

ත්‍රිකුණාමලය වරාය කේන්ද්‍ර කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර ඒ වෙනුවෙන් වන ශක්‍යතා අධ්‍යනය මාස දෙකක් තුළ නිම කිරීමට නියමිත ය.

CIBEA විසින් මෙම ව්‍යාපෘතියට නියමිත ප්‍රතිපත්ති හා රීති සම්පාදනය මෙන්ම ආයෝජනය සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ද ලබා දීමට නියමිත අතර, මෙය ඉතාලි හා ශ්‍රී ලංකා ව්‍යාපෘතියක් ලෙස රාජ්‍ය අනුග්‍රහය මත සිදු කිරීමට නියම්තව ඇත.

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම, ගෝලීය වෙළෙඳ නාවික ක්ෂේත්‍රයේ (Shipping & Maritime) සංවර්ධනය සඳහා උපාය මාර්ගිකව වැදගත් වේ. ඒ සදහා හේතු වන්නේ ශ්‍රී ලංකාව ඉන්දු පැසිෆික් නාවික සේද මාර්ගයට (Maritime silk rout) නාවික සැතපුම් 07ක් පමණ ආසන්නයෙන් පිහිටා තිබීම බවයි පැවසෙන්නේ.

එම උපායමාර්ගික පිහිටීම අනුව, සමුද්‍ර ප්‍රවාහනයේ දී දැනට යොදා ගන්නා බලශක්ති ප්‍රභවය ලෙස භාවිතා කරන පොසිල ඉන්දන වෙනුවට ‘හරිත ඉන්දන’ (හයිට්‍රජන්, එතොනෝල්, ඇමෝනියා) භාවිත කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හා ඒ සදහා යෝජිත ‘හරිත ඉන්දන’ බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් ලෙස ඉන්දියානු සාගර කලාපයේ වඩාත් යෝග්‍යම ස්ථානය ත්‍රීකුණාමලය බවට මේ වන විට හඳුනාගෙන ඇත.

මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාවේ ඉතාලියානු තානාපති අතිගරු ඩැමියානෝ ප්‍රන්කොවිග්, (H.E. Damiano Francovigh) වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ඒස්. රුවන්චන්ද්‍ර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී. බර්නාඩ්, CIBEA හී සභාපති විටෝරියෝ කොකෝ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සූම් තාක්ෂණය ඔස්සේ සහභාගී විය.

Sponsored By Sarrita Jewellery

ඉන්ධන සම්බන්ධයෙන් රටටම සුභ ආරංචියක්.. කරන්න යන සුපිරිම වැඩේ මෙන්න.. | Sri Lanka Is Going To Become A Green Fuel Zone